Sunday 9th of November 2025

English Tamil
Advertiesment


අමිතාභ සහ ගෞතම බුදුවරුන්ගේ තුලනාත්මක විග්‍රහයක්


2025-07-14 1482

 

(මිලින්ද සුභාෂ්)

 

මහායාන බුදු දහම තුළ අතිශයින් වැදගත් වන බුදුවරුන් දෙනමක් ලෙස ගෞතම (ශාක්‍යමුණි) බුදුරජාණන් වහන්සේ සහ අමිතාභ බුදුරජාණන් වහන්සේ හැඳින්විය හැක. ගෞතම බුදුන් වහන්සේ à¶…à¶´ වසන මේ ලෝක ධාතුව තුළ ඓතිහාසිකව à¶´à·„à·… වූ බුදුන් වන à¶…à¶­à¶», අමිතාභ බුදුන් වහන්සේ à¶¶à¶§à·„à·’à¶» දිශාවේ à¶´à·’à·„à·’à¶§à·’ 'සුඛාවතී' නම් පිරිසිදු බුද්ධ à¶šà·Šà·‚à·šà¶­à·Š‍රයෙහි වැඩ වසන සම්භෝගකාය (දිව්‍යමය, ආනන්දමය ශරීරය) බුදු කෙනෙකි.

 

1. ගිහි ජීවිතය

 

ගෞතම බුදුරජාණන් වහන්සේ මහා භාරතයේ ලුම්බිණි නම් ස්ථානයේ ශාක්‍ය වංශික සුද්ධෝදන රජුට සහ මායා දේවියට දාව සිද්ධාර්ථ කුමරු ලෙස à¶‹à¶´à¶­ ලැබූහ. කපිලවස්තුවේ සියලු සැප සම්පත් විඳිමින් යශෝධරා දේවිය සරණපාවාගෙන රාහුල නම් පුතකු ලැබූහ.

අමිතාභ බුදුරජාණන් වහන්සේ ඈත අතීතයේ, ලෝකේශ්වරරාජ නම් බුදු කෙනෙකුන්ගේ සමයෙහි රජ කෙනෙකු ලෙස විසූහ. බුදුන්ගේ ධර්මය අසා පැහැදී, රජකම අතහැර 'ධර්මාකර' නමින් පැවිදි දිවියට ඇතුළත් වූහ.

 

2. බෝධිසත්ව ජීවිතය

 

ගෞතම බුදුරජාණන් වහන්සේගේ පෙර භවයකදී දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලැබීමෙන් පසු, ගණනය කළ නොහැකි කල්ප ගණනාවක් පුරා සුමේධ තාපස වැනි විවිධ ආත්මභාවයන්හි ඉපිද දස පාරමිතාවන් සම්පූර්ණ කළහ. ජාතක කතා මගින් මෙම බෝධිසත්ව චර්යාව විස්තර කෙරේ.

අමිතාභ බුදුරජාණන් වහන්සේ පෙර භවයකදී, ලෝකේශ්වරරාජ බුදුන් හමුවේ සියලු සත්වයන් කෙරෙහි වූ මහා කරුණාවෙන්, උතුම් බුද්ධ à¶šà·Šà·‚à·šà¶­à·Š‍රයක් නිර්මාණය කිරීම සඳහා à¶´à·Š‍රධාන පොරොන්දු 48à¶šà·Š පිහිටවූහ. එම පොරොන්දු ඉටුකරගැනීම සඳහා කල්ප ගණන් බෝධිසත්ව පාරමිතාවන් පිරූහ.

 

3. නියත විවරණ ලැබීම

 

එදා සුමේද තාපස දීපංකර බුදුරජාණන් වහන්සේ පාමුලදී, "අනාගතයේ ගෞතම නමින් බුදුවන්නේය" යි නියත විවරණ ලැබූහ.

ධර්මාකර භික්ෂුවගේ නියත විවරණය ලෙස සැලකිය හැක්කේ ලෝකේශ්වරරාජ බුදුන් ඉදිරියේ තැබූ à¶´à·Š‍රණිධාන 48 යි. "මේ පොරොන්දු ඉටු නොවන්නේ නම්, මා බුදුබව නොලබම්වා!" යි à¶šà·… à¶´à·Š‍රතිඥාවම උන්වහන්සේගේ මාර්ගය ස්ථිර කළේය.

 

4. බුද්ධත්වය සාක්ෂාත් කර ගැනීම

 

ගෞතම බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ බුද්ධගයාවේදී, ඇසතු බෝ රුක මුලදී මාර පරාජය කොට, සියලු කෙලෙසුන් නසා සම්මා සම්බුද්ධත්වයට පත් වූහ. මෙය අපගේ පෘථිවිය මත සිදු වූ ඓතිහාසික සිදුවීමකි. මෙය උන්වහන්සේගේ 'නිර්මාණකාය' (මායාමය භෞතික ශරීරය) ස්වරූපයේ බුද්ධත්වයයි.

ධර්මාකර බෝසතාණන් වහන්සේ සිය පොරොන්දු 48 ම සම්පූර්ණ කොට, මීට කල්ප දහයකට පෙර බුද්ධත්වයට පත්වූහ. උන්වහන්සේගේ බුද්ධත්වයත් සමගම, පොරොන්දු වූ පරිදි 'සුඛාවතී' නම් වූ පිරිසිදු බුද්ධ à¶šà·Šà·‚à·šà¶­à·Š‍රය නිර්මාණය විය. උන්වහන්සේගේ බුද්ධත්වය ලෞකික සිදුවීමක් නොව, විශ්වීය, සම්භෝගකාය මට්ටමේ සිදුවීමකි.

 

5. ශරීරයේ විස්තර, ආලෝක à¶´à·Š‍රභාව සහ මහා පුරුෂ ලක්ෂණ

 

ගෞතම බුදුරජාණන් වහන්සේ මිනිස් ලොව à¶´à·„à·… වූ බැවින් මිනිස් සිරුරක à¶´à·Š‍රමාණයෙන් වැඩ විසූහ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සහ අසූවක් අනුව්‍යංජන ලක්ෂණයන්ගෙන් සමන්විත රන්වන් සිරුරක් හිමිවිය.

අමිතාව බුදුරජාණන් වහන්සේගේ ශරීරය අතිවිශාලය. අමිතායුර්ධ්‍යාන සූත්‍රයට අනුව උන්වහන්සේගේ à¶‹à·ƒ "ගංගානම් නදියේ වැලිකැට මෙන් කෝටි නයුත හැට දහසක් යොදුන්" වේ. මෙය à¶·à·žà¶­à·’à¶š ශරීරයකට වඩා ධර්මකායේ ශක්තිය විදහාපාන්නකි.

ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් නිරන්තරයෙන් රැස් විහිදුණු අතර, විශේෂ අවස්ථාවලදී (යමාමහ පෙළහර වැනි) මුළු ලෝක ධාතුවම ආලෝකමත් කළහ.

අමිතාභ බුදුරජාණන් වහන්සේගේ නාමයම ('අමිතාභ' - අනන්ත ආලෝකය) à¶‘à·„à·’ අර්ථයයි. උන්වහන්සේගේ ශරීරයෙන් නික්මෙන ආලෝකය දස දිශාවේ ඇති සියලු බුද්ධ à¶šà·Šà·‚à·šà¶­à·Š‍රයන් බාධාවකින් තොරව ආලෝකමත් කරයි. මෙම ආලෝකය උන්වහන්සේගේ අනන්ත කරුණාවේ සහ à¶´à·Š‍රඥාවේ සංකේතයයි.

ගෞතම බුදුරජාණන් වහන්සේට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සහ අසූවක් අනුව්‍යංජන ලක්ෂණ සම්පූර්ණයෙන් පිහිටා තිබුණි.

අමිතාව බුදුරජාණන් වහන්සේ.සම්භෝගකාය බුදුවරයෙකු ලෙස උන්වහන්සේ ද මෙම සියලු ලක්ෂණයන්ගෙන් පරිපූර්ණය. නමුත් ඒ සියල්ල මිනිස් ඇසට ගෝචර නොවන විශ්වීය පරිමාණයකින් යුක්තය.

 

 

6. à¶´à·Š‍රධාන පොරොන්දු
 

ගෞතම බුදුරජාණන් වහන්සේගේ à¶´à·Š‍රධාන පොරොන්දුව වූයේ, තමන් වහන්සේ අවබෝධ කරගත් නිර්වාණගාමී මාර්ගය (ආර්ය අෂ්ටාංගික මාර්ගය) අනුගමනය කරන ඕනෑම අයෙකුට දුකින් මිදී නිවන් දැකිය හැකි බවයි. සියලු සත්වයන්ට (ශ්‍රාවක, à¶´à·Š‍රත්‍යේක බුද්ධ, බෝධිසත්ව) අවසානයේ එකම 'ඒකයාන' මාර්ගයෙන් බුද්ධත්වය ලබා දෙන බවට වූ උත්තරීතර පොරොන්දුවක් ද හෙළිදරව් කෙරේ.

අමිතාභ බුදුරජාණන් වහන්සේගේ පොරොන්දු 48, විශේෂයෙන්ම 18 වන පොරොන්දුව, පිරිසිදු දේශ සම්ප්‍රදායේ පදනමයි. එම පොරොන්දුව නම්: "මා බුදු වූ කල්හි, දස දිසාවේ වසන සත්වයෝ යම් හෙයකින් ශ්‍රද්ධාවෙන් යුතුව මගේ දේශයේ ඉපදීමට අපේක්ෂා à¶šà¶», දස වරක් වුවද මගේ නාමය මෙනෙහි කළහොත්, ඔවුන් à¶‘à·„à·’ නූපදින්නේ නම්, මම බුදුබව නොලබම්වා!" යන්නයි. මෙය සත්වයන්ට පහසු මාර්ගයකින් විමුක්තිය ලබා දීමට දුන් මහා කරුණා පොරොන්දුවකි.

 

7. වැඩ සිටින ස්ථානය, දේශනා කරන ධර්මය සහ ශ්‍රාවක පිරිස

 

ගෞතම බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලය සහ/සාහ නම් වූ අපවිත්‍à¶» බුද්ධ à¶šà·Šà·‚à·šà¶­à·Š‍රයේ තුළ ඉන්දියාවේ ජේතවනාරාමය, ගිජුකුළු පව්ව (ගෘධ්‍රකූට පර්වතය) වැනි ස්ථානවල වැඩ වසමින් ධර්මය දේශනා à¶šà·…à·„.

අමිතාභ බුදුරජාණන් වහන්සේ à¶¶à¶§à·„à·’à¶» දිශාවේ à¶´à·’à·„à·’à¶§à·’ 'සුඛාවතී' නම් වූ පිරිසිදු බුද්ධ à¶šà·Šà·‚à·šà¶­à·Š‍රයේ වැඩ වසමින්, à¶‘à·„à·’ උපන් බෝසතුන්හට නිරන්තරයෙන් ධර්මය දේශනා කරති.

ගෞතම බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍යය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, පටිච්චසමුප්පාදය වැනි මූලික ධර්මයන් ද ශූන්‍යතාව, බෝධිචිත්තය, සහ බෝධිසත්ව මාර්ගය වැනි ගැඹුරු ධර්මයන් ද දේශනා à¶šà·…à·„.

අමිතාභ බුදුරජාණන් වහන්සේ සුඛාවතියේදී දේශනා කරන්නේ දුකින් තොර, නිර්මල පරිසරයක සිට බුද්ධත්වය කරා පහසුවෙන් ගමන් කළ හැකි උතුම් ධර්මයයි. එහි ගස්, ජලය, කුරුල්ලන් පවා ධර්මයම දේශනා කරන බව සඳහන් වේ.

සැරියුත්-මුගලන් රහතන් වහන්සේලා ගෞතම බුදුන් වහන්සේගේ අග්‍රශ්‍රාවක දෙනම වූහ. ආනන්ද, මහා කාශ්‍යප, සුභූති වැනි මහරහතන් වහන්සේලා à¶´à·Š‍රමුඛ à¶·à·’à¶šà·Šà·‚à·”-භික්ෂුණී, උපාසක-උපාසිකා යන සිව්වණක් පිරිසක් විය.

අමිතාභ බුදුන් වහන්සේගේ à¶´à·Š‍රධාන සහායක බෝසත්වරුන් වන්නේ අවලෝකිතේශ්වර සහ මහාස්ථාමප්‍රාප්ත බෝසත්වරුන්ය. සුඛාවතියේ වෙසෙන සියලු දෙනා නැවත නොපිරිහෙන (අවෛවර්තික) මට්ටමේ සිටින බෝධිසත්වවරු වෙති.

 

පරිනිර්වාණය

 

ගෞතම බුදුරජාණන් වහන්සේ වයස අවුරුදු 80 දී සහ නම් වූ අපිරිසිදු බුද්ධක්ෂේත්‍රයේ මහාභාරතයේ කුසිනාරා නුවර මල්ල රජවරුන්ගේ සල් උයනේදී පිරිනිවන් à¶´à·‘à·„. මෙය උන්වහන්සේගේ නිර්මාණකාය ශරීරයේ අභාවය මිස, සැබෑ අභාවයක් නොවේ. මහායාන මහාපරිනිර්වාණ සූත්‍රය පෙන්වා දෙන පරිදි, බුදුන් වහන්සේගේ සැබෑ ස්වභාවය වන ධර්මකාය සදාකාලික, නිත්‍ය, සුඛ, සහ ආත්මීය වේ.

අමිතාභ බුදුරජාණන් වහන්සේගේ ආයුෂ අනන්තය (අමිතායුස්). එනිසා උන්වහන්සේගේ පරිනිර්වාණය මිනිස් කාලයෙන් මැනිය නොහැක. කෙසේ වෙතත්, සුඛාවතීව්‍යූහ සූත්‍රයට අනුව, උන්වහන්සේගේ ගණනය à¶šà·… නොහැකි ආයු කාලය අවසන් වූ පසු උන්වහන්සේ පිරිනිවන් පාන à¶…à¶­à¶», ඉන්පසු අවලෝකිතේශ්වර බෝසතාණන් වහන්සේ එම සුඛාවතී ලෝකයෙහිම බුද්ධත්වයට පත්වනු ඇත.

 

 

 

Advertiesment